සොබාදහම් ගොවිතැන
අද වර්ථමාන කෘෂිකර්මික බෝග වගව සඳහා විශාල කෘෂිරසායන ප්‍රමාණයක් පොළොවට එකතු කරයි.මෙහි ප්‍රථිපලයක් විදිහට ලෙඩ රෝග වලට ගොදුරු වී ඇත.මෙම විනාශයෙන් පිටුදැකීමට උත්සහා ගන්නා ඔබට මෙම පිටුව අත්වැලක් වනු ඇතැයි මාගෙ පැතුමයි.
Sunday, November 23, 2014
Saturday, December 7, 2013
Saturday, July 13, 2013
Wednesday, July 3, 2013
කල් යල් බැලීම
කල් යල් බැලීම
යල සහ මහා කන්න පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම සොබාදහම් කෘෂිකර්මයේදී අත්‍යවශ බව වටහා ගත යුතුයි.
යල කන්නය
සූර්‍යා සමකයේ සිට ඉහලට එනම් ශ්‍රි ලංකාව පසුකර කර්කටක නිවර්තනය දක්වා ගමන් කිරීමේදී මාර්තු මස 21 වන දිනට සමකයට කෙලින් සූර්‍යා සිටින අතර ශ්‍රි ලංකාව කෙලින් සූර්‍යා පිහිටන්නේ අප්‍රේල් 14 වන දිනටයි.ඉන්පසු කර්කටක නිවර්තනය වෙත සූර්‍යා ගමන් කරනු ලබන්නේ ජූනි 21 වන දිනටය.ලංකාවට ඉර මුදුන් වූ දින සිට කර්කටකය වෙත යැමට දින 69 යන කාලයක් ගතවේ.එම නිසා යල කන්නය තුල ගොයම් ගසක් සැදීමට ඇති කාලය දින 69 යන කෙටි කාලයකි.එබැවින් ගොයමට පදුරු දැමිමට කාලයක් නැත.ඒ බව දැනගත් අතිතයේ ගොවියන් මෙම කන්නයට එනම් යල කන්නයට කෙටිමස් වී වැපිරූහ.(හැට වී,මාස 3,මාස 3 1/2 වී වර්ග) පඳුරු දැමීමට කාලය නොමැති නිසා ලග ලග වී වැපුරූහ එනම් බලු අඩියකට ඇට 60ක් වන්නට,බලු අඩියක් යනු බල්ලෙකු කකුල් මාරු කරන දුර ප්‍රමානයයි එනම් අඩි 1 1/2 පමන කවයක් තුල වී ඇට 60 වැටෙන පරිදි වැපිරීමය මෙහි දී සිංහල අවුරුද්දේ හිස තෙල් ගාන දිනට ප්‍රථම වපුරා ගොඩ ඒමට ගොවියෝ කටයුතු කරනු ලැබූහ.
මහා කන්නය
නැවත සූර්‍යා අගෝස්තු 1 වන දින වන විට ශ්‍රි ලංකාව කෙලින් පිහිටයි.එවිට මහා කන්නය ආරම් භ වන අතර සමකය දක්වා යැමට දින 23 ක් ද සමකයේ සිට මකර නිවර්තනය දක්වා යැමට දින 92 ක් ද එකතු කල විට මහා කන්නය සදහා දින 115 ක දීර්ඝ කාලයක් වන බැවින් මෙය මහා කන්නයක් විය ගොයම් ගස වැවීමට දින 115 ක කාලයක් ඇති බැවින් ගොයම් මනාව පදුරු දමනු ලබන බව දැනගත් ගොවියන් වී ඉසීමේදී බලු අඩියකට ඇට 8-10 වැටෙන සේ වැපිරූහ.මේ සදහා මා වී වර්ග වැපිරීම සිදු කෙරුණි මාස 4 සිට මාස6 1/2 දක්වා වූ වී වර්ග වැපුරු අතර වඩි අස්වැන්නක් ලබාගන්නා ලදි.මෙම කන්නයේදි අඩු මස් වී (බාල වී) වැපිරීම නොකල අතර එසේ වැපිරීම අනුවන කමකි.
බී.ඩී ඉන්ඳ්‍රජිත්

Sunday, April 14, 2013
හෙලයේ මහා සූර්ය මංගල්‍ය
හෙලයේ මහා
සූර්ය මංගල්‍ය
ශ්‍රී ලංකාවේ
බක් මාසයේ (අප්‍රේල්) මස පවත්වන උත්සවය අද හදුන් වන්නේ සිංහල දෙමල අළුත් අවුරුද්ද
ලෙසයි. මෙය විටින් විට එකිනෙකාගේ ඕනෑ එපාකම් මත මෙලෙස වෙනස් කිරීම,අනාගතයේදී විශාල
ගැටළුවකට මුහුණ පෑමට ලක්වීමට පුළුවන, එම නිසා මෙය සිංහල දෙමල අයගේ නොව මේ රටේ අතීතයේ පැවති
හෙල අසුර අධිරාජ්‍යගේ විද්‍යාත්මක උත්සවයක් බව පැහැදිලි වම කිව හැකිය.
මේ වීශ්වයේ ප්‍රබලතම
ග්‍රහ වස්තුව සුර්‍ය්‍යයි.ඒ මත ප්‍රෘථවියේ සත්ව හා ශාක ජීවීන් ගේ පැවැත්ම ඇති බව
අප දනිමු.මෙයින් ද විශේෂයෙන් ශාක ජීවීන් හැසිරෙන්නේ සූර්‍ය්‍යා හා චඳ්‍රයාට
අනුකූලවයි. එය මනාවට වටහා ගෙන ආහාර නිෂ්පාදනය සදහ කෘෂිකර්මය මෙහෙයවපු ආදී මිනිසුන්
ඉරෙන් හදෙන් වැඩ ගැනීම එනම්,
හිරු දෙවියන්ගේ නැයෝ
සදු දෙවියන්ගේ නැයෝ
ආදි අපේ මුතුන් මිත්තෝ
ඉරෙන් හදෙන් වැඩගත්තෝ
සූර්‍යාට පුද
පූජා පැවැත්වීම උත්සව ආකාරෙයෙන් සිදුවිය.සූර්‍ය ශක්තිය ප්‍රධාන කොට තම නිවසට ලබාගත්තේ ගින් දර ලෙසටය.සූර්‍යා මීන
රාශීයෙන් මේෂ රාශියට ගමන් කරන විට අළුත් අවුරුද්ද පටන් ගනු ලැබුහ.
මෙනිස
කුස්සියේ තිබු පැරණි සුර්‍ය ශක්තිය අවලංගු කර දමා පරණ අවුරුද්ද අවසන් කරන අරමුණින්
නිවසේ තිබු පරණ ගින් දර නිවසින් ඉවත් කර ගැනීමෙන් සූර්‍ය ශක්තිය අළුත් කර ගැනීමට
නව වසර ලැබීමත් සමග අළුත් ගින් දර,වතුර,අළුත් කෑම
වැනි දේවල් නිවසට ගෙන එනු ලබන්නේ මේ සියලුම දේ සූරය ශක්තිය බව වටහා ගෙනය.
මේ සියල්ල
අතරතුර චඳ්‍රයා කෘෂිකර්මයට කරන සේවය පැහැදිලිව හදුනාගත් බැවින් එනම් වැස්ස ලබාදීම
තෙතමනය ලබාදීම වෙනුවෙන් ඔවුන් චඳ්‍රයාට මෙම උත්සවයේදී විශේෂ තැනක් දෙනු ලැබීය.
පරණ සඳ බැලීම
මගින් මෙම උත්සවය ආරම් භ කර ඔවුන් උත්සවය අවසන් කරනු ලබන්නේ සූරයාට සියළු කලගුණ
සලකා අවසාන යෙදී නව සඳ බැලීමෙනී.
මෙය විද්‍යාත්මක
දෙයක් මිස නැකත් උත්සවයක් නොවන බව පැහැදිලිය.නමුත් ශ්‍රී ලංකාවේ හෙලයන් සියළු වැඩ
කටයුතු කරනු ලබන්නේ නැකැත්වලට බැවින් මෙම උත්සවය නැකැත් චාරිත්‍රවලට අනුකූලව
සිදුවිය.
මෙය පැහැදිලිව
වටහා නොගත් නූතන මිනිසුන් නැකැත්වලට මුල්තැන දෙමින් සංස්කෘතික වටිනා කමට මුල්තැන
නොදී ,නොසලකා හරින
ලදී.
එම නිසා
දැන්වත් මෙය සිංහල දෙමල අවුරුද්ද නොව සූර්‍ය මංගල්‍ය ලෙස හදුනාගත යුතුයි.ලංකාවේ
හෙල ගෝත්‍රකයින් වන හෙල අසුරයන් එදා සිට උත්සවා ආකාරයෙන් කර ඇති මෙම මංගල්‍ය එලෙසම
කර ගෙන යා යුතුයි.
මෙම සටහන පරිසරවේදී තිලක් කන්ඳේගම මහතා සමග කල සාකච්ජාවක් ඇසුරෙනි..
Tuesday, March 5, 2013
ජාතික ගොවි සමුළුව විශේෂ රැස්වීම
ජාතික ගොවි
සමුළුවේ දිස්ත්‍රික් නියෝජිතයින් ගේ විශේෂ රැස්වීමක් 2013-02-15 වන දින එහි ගරු
සභාපති තිලක් කන්දේගම මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ උකුවෙල ස.ණ.ස සොබාදහම් ගොවි
පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත් විය.
Location:
Ukuwela, Sri Lanka
Wednesday, January 30, 2013
Subscribe to:
Posts (Atom)