අතීතයේ අපගේ ගොවි මහතුන් මඩ සෝදාගත් කල රජකමට සුදුසු යැයි පැවසුවෙ කට කහනවාට නොව ඔවුන් ගේ වටිනාකම දන්නා බැවිනි එසේ නම් රට කරවන්නා ගොවියා බැවිනි.
අද අප රටේ ගොවි ජනතාව ඉතා කටුක ජීවිත ගත කරන තත්වයට පත් කරවූ වේ කව්ද?
ඈත අතීතයේ ගොවිතැන පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරවුයේ ඉතාමත් භක්තියකින් යුක්තවය .නමුත් අද පියා තම පුතුහට එය භාරදීම හෝ කුඹුරකට බසිනවාට වත් කැමැත්ත නැත. එය ඒ තරමට කටුක දුක් විදින කෘෂිකර්මයක් වී ඇති බැවිනි.
වෙනත් කර්මාන්තයකට හෝ වෙනත් අධ්‍යපනයක් වෙත තම දරු පරපුර යොමු කිරීම ට කටයුතු කර ඇත. කිසියම් දෙයක් කර කියා ගත නොහැකි තැන ජීවත් වීමට උදැල්ල අතට ගත් තරුණ ගොවි පරපුරක්ද ඇතුවා නොවේ.මෙහි අනිසි ප්‍රථිපලය වන්නේ ගොවියන් ගොවිතැනින් ඉවත් වීම බව අප වටහා ගත යුතුය.
කෙසේ හෝ මෙය රැක ගැනීම සදහා ලංකා රජය ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු සලසා ඇත. ඒ හරහා ක්‍රියාත්මක වන අධිරාජ්‍යවාදි බහුජතික සමාගම් ඔවුන් විසින් හදුන්වා දෙන ජානමය වෙනස් කිරීම මගින් වැඩි දියුණු කල බීජ මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව පැහැදිලි උනත් මෙම බීජ වගා කිරිම සදහ විශාල පොහොර ප්‍රමානයක් අවශ්‍ය කරයි. ඊට අමතරව වල්නාශක කෘමි නශක ,දිලීර නාශක වැනි රසයනික මේ සමග ගෙන්වයි.
මෙම වානිජ කෘෂිකර්මය තුල අප රටට අප ප්‍රදේශවලට හුරු ජානමය වශයෙන් වසර දහස් ගනනක් ලක් පොලොවට සරිලනසේ හැඩ ගැස්වී තිබූ වී,එලවළු හා ධන්‍ය ක්‍රමයෙන් වද වී යාමට ලක් වී ඇත.
අපගේ වී ඇතුළු ධාන්‍ය වර්ගවල ඹෘෂධීය වටිනාකමක් ඇතුවා මෙන්ම වපුරා අස්වැන්න තුලින් ම නැවත වගා කිරීමට අවශ්‍ය බීජ නිපදවා ගැනීමට හැකියාව ඇති මුත් ආනයනික බීජ වගා කර ඉන් ලැබෙන අස්වැන්නෙන් බීජ සකසා ගැනීමට නොහැකි ලෙසම ජාන ඉවත් කර අප රටට ගෙන්වනු ලබනුයේ, නැවත නැවත එම බීජ සමාගම් මගින් බීජ මිලදී ගැනීමේ උගුලට ගොවියා පත් කර ඇත.. බීජ තියෙන්නේ වෙලදාමට නොව ,ගොවියාට වගාකිරීමට ය... බෝග එලවළු අත්තේ වෙලදාමට නොව ආහාරයට ගැනීමටය. අපගේ තේමා පාඨය විය යුත්තේ එයයි...