Pages

Tuesday, December 18, 2012

2012.12.21 මොකද වෙන්නේ?


2012.12.21 මොකද වෙන්නේ?

                     සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 3,4 ක් පෘතුවියට එක එල්ලේ පිහිටීම පිළිබඳ මතය අද විද්‍යාඥයන් පවා සකස් කර තිබේ.නමුත් මෙය සාමන්‍යයෙන් වසර 26000ට වරක් සිදුවන සිද්ධාන්තයක් මත සිදුවන ක්‍රියාවලියකි.අපගේ සුර්‍යයා ඇතුළු ග්‍රහලෝක කැරකෙමින් සෞරග්‍රහ මන්ඩලය වටා කැරකෙමින් චක්‍රාවාටය තුල දීර්ඝ ගමනක් යමින් පවති.දැනට වාර විශාල සංඛ්‍යාවක් මෙලෙස ගමන් කරන අතර අපගේ සුර්‍යයා මේ කාලය තුල ක්‍ෂිර පතයෙන් එපිටට ගමන් කර ධනු රාශිය හා වෘශ්චික රාශිය අතරට පැමින ඇත.මෙම ප්‍රදේශය සූර්‍ය ශුන්‍ය කලාපයක් වන අතර මෙම ප්‍රදේශය තුල විශ්වයේ ග්‍රාහක කැබලි බහුලව ඇති බැවින් අපගේ සූර්‍යාගේ හා අනෙකුත් ග්‍රහයින් ගේ ආකර්‍ෂණයට මෙම ග්‍රාහක ඇදී එයි.
               මෙම අවදානම් කලාපය ගැන දැන සිටි දකුණු ඇමරිකානු ආදි ශිෂ්ටාචාරයක් වන මායාවරුන් පවසා ඇත්තේ "නිබීරු" නැමැති ග්‍රාහක වස්තුවක් පෘතුවිය තුලට කඩා වැටෙන බවය.
මේ පිළිබදව බියක් ඇතීවීම නිසා කිසි දිනක සූර්‍යා දෙස නොබැලූ පුද්ගලයින් මෑතක සිට සූර්‍යා දෙස අවධානයෙන් බැලීමට පටන් ගත් අතර සමහරුන් සූර් යා දෙකට පැලෙමින් පවතින බවක් සූර් යාගෙන් අවට වෙන ආලෝක දිස්වෙන බවත් යම් යම් ප්‍රකාශ කරමින් පවති.නමුත් ඇත්තට සිදුවන්නේ මෙම කාලය තුල පෘතුවිය ඇලය ලෙස හදුන්වන උතුරු ඇලය වෙනස් වීමයි.මෙය සිදුවන්නේ
චන් ද්‍රයාගේ ආකර්‍ෂන ශක්තිය නිසා වසරින් වසර ඇල වෙමින් වසර 72 කට වරක් එක අංශකයක් බැගින් ආපස්සට ඇදීමක් සිදුවෙයි.දැනට පෘතුවි ඇලය දිශාගතවී ඇත්තේ සීරියස් තරුව දිසාවට වන අතර වසර 12000 කදි නැවත වේගා තරු පංතිය දෙසට දිශාගත වෙයි.මේ ආකාරයට පෘතුවි තලය බොහෝ වාරයක් මෙලෙස මෙම අන්තදෙකට දෝලනය වී ඇත​.
        
                දැනට පෘතුවිය දිසාව වමට හැරි වේගා තරුව වෙත හැරෙමින් පවතී. එනම් නැවත වසර 12000 කදි වේගා තරුව වෙතටත් වසර 12000 කදී නැවත දැනට සිටින ස්ථානයටම පැමිනේ.
                     
             මෙම ඇලයත් සමග පෘතුවියේ සුලං ධාරාවල වෙනසක් සිදුවෙන අතර එම නිසා දැනට පෘතුවිය රත් වන ප්‍රදේශ වෙනුවට වෙනත් ප්‍රදේශ රත් වීමට පටන් ගනී. මේ හේතුවෙන් සුලං ගමන් කිරිමේ දිශාව වෙනස් වේ.පෙරස්ගේ නියමය අනුව මෙතෙක් වර් ෂාව ලැබූ මෝසම් වැසි වෙනස් වීමත් සමග සංවහන වැසි වල විකෘති සංවහන තත්වයන් ඇතිවේ.මේ හේතුවෙන් ශාක ජීවින් ගේ ජීව විද්‍යාත්මක හෝරා චක්‍රය වෙනස් වීමට භාජනය වේ.උදාහරනයක් ලෙස ගත් කල ලංකාවේ සිටි පුද්ගලයෙක් එංගලන්තයට ගිය විට පැය 48 ක් ඇතුලතදී එහි ඔරලෝසු වේලාව අනුව නිදා ගැනීමට හුරු වේ. නමුත් ශාක ජීවින් ගේ මෙම වෙනස් වීම සිදුවීමට කාලයක් ගතවේ.

                           මේ දිනවල  ශාක ජීවින් අතරමං වී ඇති බව පෙනේ.මල් පිපෙන කාලය වෙනස් වීමත් ගෙඩි හැදෙන කාලය වෙනස් වීමත් වැනි විකෘති තත්වයට පත්වේ.ප්‍රධාන මෝසම් දෙක ආක්‍රීය වීම හේතුවෙන් මෙසේ සිදුවේ.
              ඊට අමතරව ප්‍රධාන ග්‍රාහකයින් කීපදෙනෙක් පොලොවට කෙලින් පිහිටීම තුල පෘතුවියේ ධ්‍රැව තුල චුම් භක කේෂත්‍රයේ බලපැමක්ද සිදුවේ...
                      බුදුරජානන් වහන්සේ නියාම ධර්ම පහක් දේශනා කල අතර මෙ සිදුවන්නේ ඉන් ධර්ම නියාමයයි.එය තේරුම් කර දිය හැක්කේ සම්මා සම් බුදුවරයෙකුට පමනයි.එනමුත් අප තේරුම් ගත යුතුය.ස්බාදහමේ සිදුවන සියලු සිදුවීම් වෙනස් වීම සිදුවන්නේ සියලු ග්‍රහ තාරකාවල ක්‍රීයාකරිත්වය නිසා බවය​.මේ අනුව 2012-12-21 වන දිනට ලෝක විනාශයක් සිදු නොවන අතර අනාගතයේදී එනම් 2012-2015 අතර කාලය තුල සාගත,ජල ගැලීම් වැනි කාලගුණ විපර්‍යාස සිදු වීමට ඉඩ ඇත​.

                                    මෙම සටහන පරිසරවේදී තිලක් කන්ඳේගම මහතා සමග කල සාකච්ජාවක් ඇසුරෙනි..