හෙලයේ මහා
සූර්ය මංගල්‍ය
ශ්‍රී ලංකාවේ
බක් මාසයේ (අප්‍රේල්) මස පවත්වන උත්සවය අද හදුන් වන්නේ සිංහල දෙමල අළුත් අවුරුද්ද
ලෙසයි. මෙය විටින් විට එකිනෙකාගේ ඕනෑ එපාකම් මත මෙලෙස වෙනස් කිරීම,අනාගතයේදී විශාල
ගැටළුවකට මුහුණ පෑමට ලක්වීමට පුළුවන, එම නිසා මෙය සිංහල දෙමල අයගේ නොව මේ රටේ අතීතයේ පැවති
හෙල අසුර අධිරාජ්‍යගේ විද්‍යාත්මක උත්සවයක් බව පැහැදිලි වම කිව හැකිය.
මේ වීශ්වයේ ප්‍රබලතම
ග්‍රහ වස්තුව සුර්‍ය්‍යයි.ඒ මත ප්‍රෘථවියේ සත්ව හා ශාක ජීවීන් ගේ පැවැත්ම ඇති බව
අප දනිමු.මෙයින් ද විශේෂයෙන් ශාක ජීවීන් හැසිරෙන්නේ සූර්‍ය්‍යා හා චඳ්‍රයාට
අනුකූලවයි. එය මනාවට වටහා ගෙන ආහාර නිෂ්පාදනය සදහ කෘෂිකර්මය මෙහෙයවපු ආදී මිනිසුන්
ඉරෙන් හදෙන් වැඩ ගැනීම එනම්,
හිරු දෙවියන්ගේ නැයෝ
සදු දෙවියන්ගේ නැයෝ
ආදි අපේ මුතුන් මිත්තෝ
ඉරෙන් හදෙන් වැඩගත්තෝ
සූර්‍යාට පුද
පූජා පැවැත්වීම උත්සව ආකාරෙයෙන් සිදුවිය.සූර්‍ය ශක්තිය ප්‍රධාන කොට තම නිවසට ලබාගත්තේ ගින් දර ලෙසටය.සූර්‍යා මීන
රාශීයෙන් මේෂ රාශියට ගමන් කරන විට අළුත් අවුරුද්ද පටන් ගනු ලැබුහ.
මෙනිස
කුස්සියේ තිබු පැරණි සුර්‍ය ශක්තිය අවලංගු කර දමා පරණ අවුරුද්ද අවසන් කරන අරමුණින්
නිවසේ තිබු පරණ ගින් දර නිවසින් ඉවත් කර ගැනීමෙන් සූර්‍ය ශක්තිය අළුත් කර ගැනීමට
නව වසර ලැබීමත් සමග අළුත් ගින් දර,වතුර,අළුත් කෑම
වැනි දේවල් නිවසට ගෙන එනු ලබන්නේ මේ සියලුම දේ සූරය ශක්තිය බව වටහා ගෙනය.
මේ සියල්ල
අතරතුර චඳ්‍රයා කෘෂිකර්මයට කරන සේවය පැහැදිලිව හදුනාගත් බැවින් එනම් වැස්ස ලබාදීම
තෙතමනය ලබාදීම වෙනුවෙන් ඔවුන් චඳ්‍රයාට මෙම උත්සවයේදී විශේෂ තැනක් දෙනු ලැබීය.
පරණ සඳ බැලීම
මගින් මෙම උත්සවය ආරම් භ කර ඔවුන් උත්සවය අවසන් කරනු ලබන්නේ සූරයාට සියළු කලගුණ
සලකා අවසාන යෙදී නව සඳ බැලීමෙනී.
මෙය විද්‍යාත්මක
දෙයක් මිස නැකත් උත්සවයක් නොවන බව පැහැදිලිය.නමුත් ශ්‍රී ලංකාවේ හෙලයන් සියළු වැඩ
කටයුතු කරනු ලබන්නේ නැකැත්වලට බැවින් මෙම උත්සවය නැකැත් චාරිත්‍රවලට අනුකූලව
සිදුවිය.
මෙය පැහැදිලිව
වටහා නොගත් නූතන මිනිසුන් නැකැත්වලට මුල්තැන දෙමින් සංස්කෘතික වටිනා කමට මුල්තැන
නොදී ,නොසලකා හරින
ලදී.
එම නිසා
දැන්වත් මෙය සිංහල දෙමල අවුරුද්ද නොව සූර්‍ය මංගල්‍ය ලෙස හදුනාගත යුතුයි.ලංකාවේ
හෙල ගෝත්‍රකයින් වන හෙල අසුරයන් එදා සිට උත්සවා ආකාරයෙන් කර ඇති මෙම මංගල්‍ය එලෙසම
කර ගෙන යා යුතුයි.
මෙම සටහන පරිසරවේදී තිලක් කන්ඳේගම මහතා සමග කල සාකච්ජාවක් ඇසුරෙනි..