Pages

Tuesday, December 18, 2012

2012.12.21 මොකද වෙන්නේ?


2012.12.21 මොකද වෙන්නේ?

                     සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 3,4 ක් පෘතුවියට එක එල්ලේ පිහිටීම පිළිබඳ මතය අද විද්‍යාඥයන් පවා සකස් කර තිබේ.නමුත් මෙය සාමන්‍යයෙන් වසර 26000ට වරක් සිදුවන සිද්ධාන්තයක් මත සිදුවන ක්‍රියාවලියකි.අපගේ සුර්‍යයා ඇතුළු ග්‍රහලෝක කැරකෙමින් සෞරග්‍රහ මන්ඩලය වටා කැරකෙමින් චක්‍රාවාටය තුල දීර්ඝ ගමනක් යමින් පවති.දැනට වාර විශාල සංඛ්‍යාවක් මෙලෙස ගමන් කරන අතර අපගේ සුර්‍යයා මේ කාලය තුල ක්‍ෂිර පතයෙන් එපිටට ගමන් කර ධනු රාශිය හා වෘශ්චික රාශිය අතරට පැමින ඇත.මෙම ප්‍රදේශය සූර්‍ය ශුන්‍ය කලාපයක් වන අතර මෙම ප්‍රදේශය තුල විශ්වයේ ග්‍රාහක කැබලි බහුලව ඇති බැවින් අපගේ සූර්‍යාගේ හා අනෙකුත් ග්‍රහයින් ගේ ආකර්‍ෂණයට මෙම ග්‍රාහක ඇදී එයි.
               මෙම අවදානම් කලාපය ගැන දැන සිටි දකුණු ඇමරිකානු ආදි ශිෂ්ටාචාරයක් වන මායාවරුන් පවසා ඇත්තේ "නිබීරු" නැමැති ග්‍රාහක වස්තුවක් පෘතුවිය තුලට කඩා වැටෙන බවය.
මේ පිළිබදව බියක් ඇතීවීම නිසා කිසි දිනක සූර්‍යා දෙස නොබැලූ පුද්ගලයින් මෑතක සිට සූර්‍යා දෙස අවධානයෙන් බැලීමට පටන් ගත් අතර සමහරුන් සූර් යා දෙකට පැලෙමින් පවතින බවක් සූර් යාගෙන් අවට වෙන ආලෝක දිස්වෙන බවත් යම් යම් ප්‍රකාශ කරමින් පවති.නමුත් ඇත්තට සිදුවන්නේ මෙම කාලය තුල පෘතුවිය ඇලය ලෙස හදුන්වන උතුරු ඇලය වෙනස් වීමයි.මෙය සිදුවන්නේ
චන් ද්‍රයාගේ ආකර්‍ෂන ශක්තිය නිසා වසරින් වසර ඇල වෙමින් වසර 72 කට වරක් එක අංශකයක් බැගින් ආපස්සට ඇදීමක් සිදුවෙයි.දැනට පෘතුවි ඇලය දිශාගතවී ඇත්තේ සීරියස් තරුව දිසාවට වන අතර වසර 12000 කදි නැවත වේගා තරු පංතිය දෙසට දිශාගත වෙයි.මේ ආකාරයට පෘතුවි තලය බොහෝ වාරයක් මෙලෙස මෙම අන්තදෙකට දෝලනය වී ඇත​.
        
                දැනට පෘතුවිය දිසාව වමට හැරි වේගා තරුව වෙත හැරෙමින් පවතී. එනම් නැවත වසර 12000 කදි වේගා තරුව වෙතටත් වසර 12000 කදී නැවත දැනට සිටින ස්ථානයටම පැමිනේ.
                     
             මෙම ඇලයත් සමග පෘතුවියේ සුලං ධාරාවල වෙනසක් සිදුවෙන අතර එම නිසා දැනට පෘතුවිය රත් වන ප්‍රදේශ වෙනුවට වෙනත් ප්‍රදේශ රත් වීමට පටන් ගනී. මේ හේතුවෙන් සුලං ගමන් කිරිමේ දිශාව වෙනස් වේ.පෙරස්ගේ නියමය අනුව මෙතෙක් වර් ෂාව ලැබූ මෝසම් වැසි වෙනස් වීමත් සමග සංවහන වැසි වල විකෘති සංවහන තත්වයන් ඇතිවේ.මේ හේතුවෙන් ශාක ජීවින් ගේ ජීව විද්‍යාත්මක හෝරා චක්‍රය වෙනස් වීමට භාජනය වේ.උදාහරනයක් ලෙස ගත් කල ලංකාවේ සිටි පුද්ගලයෙක් එංගලන්තයට ගිය විට පැය 48 ක් ඇතුලතදී එහි ඔරලෝසු වේලාව අනුව නිදා ගැනීමට හුරු වේ. නමුත් ශාක ජීවින් ගේ මෙම වෙනස් වීම සිදුවීමට කාලයක් ගතවේ.

                           මේ දිනවල  ශාක ජීවින් අතරමං වී ඇති බව පෙනේ.මල් පිපෙන කාලය වෙනස් වීමත් ගෙඩි හැදෙන කාලය වෙනස් වීමත් වැනි විකෘති තත්වයට පත්වේ.ප්‍රධාන මෝසම් දෙක ආක්‍රීය වීම හේතුවෙන් මෙසේ සිදුවේ.
              ඊට අමතරව ප්‍රධාන ග්‍රාහකයින් කීපදෙනෙක් පොලොවට කෙලින් පිහිටීම තුල පෘතුවියේ ධ්‍රැව තුල චුම් භක කේෂත්‍රයේ බලපැමක්ද සිදුවේ...
                      බුදුරජානන් වහන්සේ නියාම ධර්ම පහක් දේශනා කල අතර මෙ සිදුවන්නේ ඉන් ධර්ම නියාමයයි.එය තේරුම් කර දිය හැක්කේ සම්මා සම් බුදුවරයෙකුට පමනයි.එනමුත් අප තේරුම් ගත යුතුය.ස්බාදහමේ සිදුවන සියලු සිදුවීම් වෙනස් වීම සිදුවන්නේ සියලු ග්‍රහ තාරකාවල ක්‍රීයාකරිත්වය නිසා බවය​.මේ අනුව 2012-12-21 වන දිනට ලෝක විනාශයක් සිදු නොවන අතර අනාගතයේදී එනම් 2012-2015 අතර කාලය තුල සාගත,ජල ගැලීම් වැනි කාලගුණ විපර්‍යාස සිදු වීමට ඉඩ ඇත​.

                                    මෙම සටහන පරිසරවේදී තිලක් කන්ඳේගම මහතා සමග කල සාකච්ජාවක් ඇසුරෙනි..

Sunday, November 18, 2012

පෙර දිග ධාන්‍යාගාරය අනතුරේ

පෙර දිගට පමනක් නොව බටහිර ද තිබු එකම ධාන්‍යාගාරය ලෙස ශ්‍රි ලංකාව ඉතිහාසය පුරාවටම හැදින් වු බව අපි දනිමු.එනමුත් දැන් වී ගොවිතැනට පමණක් සීමා වී ඇත.අල බතල,කොස්,දෙල් කුරහන් ,මෙනේරි ඕලු හාල්,තණ හාල් ඇතුළු දේශිය වී වර්ග වෙනුවට ප්‍රධාන ආහාර ලෙස බත් පමනක් පරිභෝජනයට ගැනීමට එදා අධිරාජය්‍ය වාදීන් විසින් අපහට පුරුදු කරවුයේ යටි අරමුනක් ඇතිවය.. එනම් ඒ වගාව සදහා විශාල පොහොර ප්‍රමානයක් පොලොවට දැමීමට සිදුවන බැවින් ය.අප රටට ආවේණික දෙශීය වී වෙනුවට දෙමුහුන් වී පුරුදු කිරිමේ අරමුන එයම වන්නෙය.දෙශීය වී උසට වැවෙන බැවින් කුඹුරු තුල වල් වැවුනාට ගැටළුවක් නැත. බටදැල්ල,කුඩමැට්ට වැනි තෘණ වර්ග පරදවා ගොයම ඉහලට නගී තෘණ වල ඇති විලෝපීයන් නිසා වගාව තුල සිටින පලිබෝදකයන් මර්ධනය වේ.එපමනක් නොව ගොයම් ගස පෙරලීම වැලැක්වීමට උපකාරී වේ.එසේ නම් වල්නාශක බෙහෙත් යොදා ගැනීම අවශ්‍ය නැත.
                                 අතීතයේ අපගේ ගොවි මහතුන් මඩ සෝදාගත් කල රජකමට සුදුසු යැයි පැවසුවෙ කට  කහනවාට නොව ඔවුන් ගේ වටිනාකම දන්නා බැවිනි එසේ නම් රට කරවන්නා ගොවියා බැවිනි.
                    අද අප රටේ ගොවි ජනතාව ඉතා කටුක ජීවිත ගත කරන තත්වයට පත් කරවූ වේ කව්ද?
ඈත අතීතයේ ගොවිතැන පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරවුයේ ඉතාමත් භක්තියකින් යුක්තවය .නමුත් අද පියා තම පුතුහට  එය භාරදීම හෝ කුඹුරකට බසිනවාට වත් කැමැත්ත නැත. එය ඒ තරමට කටුක දුක් විදින කෘෂිකර්මයක් වී ඇති බැවිනි.
                                වෙනත් කර්මාන්තයකට හෝ වෙනත් අධ්‍යපනයක් වෙත තම දරු පරපුර යොමු කිරීම ට කටයුතු කර ඇත. කිසියම් දෙයක් කර කියා ගත නොහැකි තැන ජීවත් වීමට උදැල්ල අතට ගත් තරුණ ගොවි පරපුරක්ද ඇතුවා නොවේ.මෙහි අනිසි ප්‍රථිපලය වන්නේ ගොවියන් ගොවිතැනින් ඉවත් වීම බව අප වටහා ගත යුතුය.
       කෙසේ හෝ මෙය රැක ගැනීම සදහා ලංකා රජය ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු සලසා ඇත. ඒ හරහා ක්‍රියාත්මක වන අධිරාජ්‍යවාදි බහුජතික සමාගම් ඔවුන් විසින් හදුන්වා දෙන ජානමය වෙනස් කිරීම මගින් වැඩි දියුණු කල බීජ මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව පැහැදිලි උනත් මෙම බීජ වගා කිරිම සදහ විශාල පොහොර ප්‍රමානයක් අවශ්‍ය කරයි. ඊට අමතරව වල්නාශක කෘමි නශක ,දිලීර නාශක වැනි රසයනික මේ සමග ගෙන්වයි.
                     මෙම වානිජ  කෘෂිකර්මය තුල අප රටට අප ප්‍රදේශවලට හුරු ජානමය වශයෙන් වසර දහස් ගනනක් ලක් පොලොවට සරිලනසේ හැඩ ගැස්වී තිබූ වී,එලවළු හා ධන්‍ය ක්‍රමයෙන් වද වී යාමට ලක් වී ඇත.
අපගේ වී ඇතුළු ධාන්‍ය වර්ගවල ඹෘෂධීය වටිනාකමක් ඇතුවා මෙන්ම වපුරා අස්වැන්න තුලින් ම නැවත වගා කිරීමට අවශ්‍ය බීජ නිපදවා ගැනීමට හැකියාව ඇති මුත් ආනයනික බීජ වගා කර ඉන් ලැබෙන අස්වැන්නෙන් බීජ සකසා ගැනීමට නොහැකි ලෙසම ජාන ඉවත් කර අප රටට  ගෙන්වනු ලබනුයේ, නැවත නැවත එම බීජ සමාගම් මගින් බීජ මිලදී ගැනීමේ උගුලට ගොවියා පත් කර ඇත.. බීජ තියෙන්නේ වෙලදාමට නොව ,ගොවියාට වගාකිරීමට ය... බෝග එලවළු අත්තේ වෙලදාමට නොව ආහාරයට ගැනීමටය. අපගේ තේමා පාඨය විය යුත්තේ එයයි...

Wednesday, November 14, 2012

මේ මගේ ගමයි.


මේ මගේ ගමයි.

සිංහරාජ වන සෙනසුන පාමුල​
සීතල නිල්දිය පිරුණු විලක් ඇත​.
විඩා වැටෙන විට රිදී තැලෙන සිත​
නිවා සදන ජීවිතය එතැන ඇත​

බුළුතොට ශිකර වසා කුලින් කුල 
මීදුම් සළු හඳිනා
ඇල දොළ දිය සීරා සිසාරා
උඩවැඩියා පිපෙනා

අව් වැසි නොඅඩු බිමයි සුපින්බර​
නිල් මිණි කැට දිළෙනා
සිරිපද ලකුණු තබා යන්නට​
බුදුන් පවා වඩිනා
                                    
                               මනෝරා ප්‍රේමතිලක​

                                     

Tuesday, October 30, 2012

සොබාදාහම් ගොවිතැනෙදී පිළිපැදිය යුතු ආචාරධර්ම



(01)කල් යල් බැලීම.(සැබෑ යල කන්නය සහ මහ කන්නය හඳුනා ගැනීම)

යල  - ශ්‍රි ලංකාවට කෙලින්ම සුර්‍යයා මුදුන්වන මාර්තු/අප්‍රේල්
මහ  - ශ්‍රි ලංකාවට කලින්ම සුර්‍යයා මුදුන්වන අගෝස්තු/සැප්තැම් බර්/ඔක්තෝ බර් යන මාස

(02)අවම බිම් සකස් කිරිම.
ඝර්ම කලාපීය රටක්වන ශ්‍රි ලංකාවේ ක්‍ෂුද්‍ර ජීවින් සහිත සතුන් බහුල වූ පොහොර තට්ටුව සෑදෙන්නේ පොළොව මතුපිට බවින් ගැඹුරට හාරා පොහොර රහිත පස තුල සිටවීම සුදුසු නැත.කන්නයට ප්‍රධාන වැසි දෙක බැගින් වසරකට ප්‍රධාන වැසි හතර වතාවක් ලැබෙන බැවින් පස සෝදායැම වලකවා ගැනීම. පෘථිවියේ වැඩිම ගුරුත්වාකර්‍ෂණය ඇති ප්‍රදේශය තුළ පිහිටි ශි ලංකාව වැනි රටවල බිම් සකස් කිරීමේදි පොහොර සහිත පස ගිලා බැසීමට (ලුහුටා යැමට) ඉඩදීම බලවත් වරදකි.උඩින් මුල් යැවීමට ජානමය වශයෙන් වෙනස් වී ඇති ශාකවලට ඉතා සුළු බුරුල් කිරිමක් සැහේ.

(03)දෙශීය බීජ පමණක් පාවිච්චියට ගැනීම
ඕනෑම රටක බීජ එම රටේ දේශගුණයට කාලගුණයට ,කෘමිසතුන්ට ,පසට ගැලපෙන පරිදි පරිණාමය වී ඇත. "ස්වජාත බීජ" බීජ ලෙස හදුන්වන  මෙම බිජ ප්‍රයෝජනයට ගැනීමෙන් රසායනික පොහොර කෘමිනාශක ,වල්නාශක යෙදීම සම්පුර්ණයෙන්ම ඉවත් කල හැකි ය.

(04) පුද පූජා පැවැත්වීම
සියලුම ශාකවලට මිනිසුන් ගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට හැකි බව "ස්‍ර් ජගදීස් චන් ඳ්‍රබෝස්" නම් විද්‍යාඥයා විසින් විද්‍යානුකූලව ඔප්පු කර ඇත.. එම නිසා ධාර්මික යහපත් සිතිවිලි ඇති මිනිසකු සතු ශක්තිය (අත් ගුණය ඇති මිනිසෙකු) වගාවට යොදා ගැනීම උපක්‍රමයක් ලෙස ද සිත එක තැනකට ගොනු කිරීමේ ක්‍රමයක් ලෙස දෙවියන්ට භාර  හාර කිරිම මෙයින් හැදින්වේ. සර් ජගදීස් චන් ද්‍රබෝස් මහතාට කලින් දේශීය ගොවියා මෙය වටහාගෙන ක්‍රියාත්මක කර ඇත.

(05)නැකැත් බැලීම.
හිරු ප්‍රධාන කොටගත් ග්‍රහලෝක නවය හා ග්‍රාහක වළල්ල ශාකවල මුල් ඇදීම .කොළ ලියලීම,පුරුක් ඇදීම ,අතු බෙදීම, මල් පිපීම,ගෙඩි සැදීම කෙරෙහි ප්‍රබල ලෙසම බලපායි.හිරු(රවි ග්‍රහයා) ලංකාව මත සිටින විට බීජවල මුල් ඇදෙන අතර ලංකාවෙන් උපරිම ඈතට ගියවිට කටක රාශියේදී( කර්කටක නිවර්තනය )සිටින විට මල් පිපේ.මෙය සියුම්ව තේරුම් ගත් පැරණි ගොවියෝ සූක්‍ෂම විද්‍යාවක් ලෙසට ප්‍රයෝජනයට ගෙන ඇත. සොබාදහම් ගිවිතැනේදී මෙම පංචශීලය ආරක්‍ෂා කර ගැනීමන් නීරෝගී,සාමකාමී ජනතාවක් බිහිකල හැකිය.


                                                            -පරිසරවේදී තිලක් කන් දේගම යන් ගේ දේශනයක් ඇසුරෙන්-


සොබාදහම් ගොවිතැන​


                           හැට වන දශකය එනම් 1960 දී පමන ලංකාවේ කෘෂිකර්මය සදහා රසායනික පොහොර වැඩිදියුනු කල බීජ ආදේශ කිරිම ආරම් භ වු අතර ඒහා සමගාමීව (දෙමුහුන් බීජ) ආනයනය කිරිම හා නිෂ්පාදනය කිරිම ඇරඹුනි.
මෙහි අනිටු ප්‍රථිපලයක් ලෙස නොයෙකුත් කෘෂි රසායනික වර්ග වන කෘමි නාශක වල්පැලැටි නාශක,දිලීර නාශක ඇතුළු අහිත කර කෘෂි රාසායනික වර්ග මෙ රටට අපනයනය කරණු ලැබේ.ශ්‍රි ලංකාවේ වසර දහස් ගනනක සිට පැවති ස්වයංපොෂිත කෘෂිකර්මයේ විනාශය මෙමගින් ආරම් භ විය.
                        එය ක්‍රමයෙන් වානිජ කෘෂිකර්මය බවට පත්වු අතර අප රටට ආවේනික දෙශිය වී ඇතුළු ධාන්‍ය වර්ග සහ දේශිය එලවළු වර්ග වද වීමට හා වඳ කිරිමට කටයුතු කරනු ලැබුනේ එම කාර්‍ය සාර්ථකව ඉටු කරමින්‍ ය.මෙ මගින් හරිත විප්ලවය යන ලේබලයන් යටතේ වැඩි දියුනු කල බීජ හා යෙදම් කට්ටල ලෙස රසායනික පොහොර වල් නාශක,කෘමිනාශක වාරි ජල සම්පාදනය සහ යන්ත්‍ර සූත්‍ර ගොවියා හට හුරු පුරුදු කරනු ලැබීය.
                      අවසාන ප්‍රතිඵලය වන්නේ අපට ආවේනික බීජ සහ අපගේ කෘෂිකර්මය පිළිබද ඇතිවසර දහස් ගනනක සිට පැවත ආ අපට ආවේනික වූත් විද්‍යාවට වඩා ගවූගානක් ඉදිරියේ තිබු දෙශිය ඥානය ඉවත දැමීමයි.




හිරු දෙවියන්ගේ නැයෝ
 සදු දෙවියන්ගේ නැයෝ
 ආදි අපේ මුතුන් මිත්තෝ
 ඉරෙන් හදෙන් වැඩගත්තෝ

                   
                   අපගේ දෙශිය ඥානය තිබුනේ මෙතනයි.ඔවුන් පැහැදිලිව සුර්‍යයාගේ වර්ණවලිය අවබෝධ කර ගෙන තිබු බවට සුර්‍යාගේ කිරන චන් ද්‍රයා හරහා ගැටි නාභි ගතවී පොළොතලයට ලැබේ.එමගින් මෙ ප්‍රෘථිවියේ ශාක ජිවින් හා සත්ව ජිවීන් සූර් යා ඇතුළු සියළුම ග්‍රහා වස්තූන් ගේ ක්‍රියාකාරකම් වලට යටත් බවත් සියුම්ව අවබෝධ කොට ගෙන තිබූ බව පැහැදිලිය.

Tuesday, October 16, 2012

සුළු ජාතින් සහා බහුජාතින්


කුල ජාති ආගම් වලින් නුතන මිනිසා බෙදා වෙන් කිරිම සාධාරණ නොවේ.ලොවෙහි ඇත්තේ ජාතීන් දෙවර්ගයකි. එනම් සුළුතරය හා බහුතරය යනුවෙනි.නොඑසේනම් සුළු ජාතිය හා බහු ජාතියයි.

සුළුජාතිය නැතහොත් සුළුතරය

  1. පරිසරය ආරක්‍ෂා කරයි. එය තම ජිවිතය මෙන් රකි.
  2. ඇල දොල ගංගා සාගර අපවිත්‍ර නොකිරීමට වග බලා ගනි.
  3. මිනිසා ඇතුළු අනෙකුත් සියලු සතුන් හට ආදරය කරයි.
  4. යුක්තිය සාධාරණය මනුෂත්වය වෙනුවෙන් ජීවිතය පුදකරයි.
  5. මිනිසා සොබාදාහාමේ ප්‍රති උත්තර ඵලයක් බව පැහැදිලිව හදුනයි.
  6. බහුතරයගේ අනෙක විධ වද හින්සා දුක් ගැහැට වලට මුහුණ දෙම්න් ධෛර්‍යයෙන් උත්සාහායෙන් කලකිරීමට පත් නොවි ජිවත් වෙයි.

බහුතරය නැතහොත් බහු ජාතිය​

  1. ඉවක් බවක් නැතිව පරිසරය මහා පොළව විනශ කර දමයි.
  2. ගහා කොළ වනාන්තර විනාශ කරයි.
  3. ඇල දොල ගංගා සාගර විනාශ කරයි.
  4. තමන් ගේ බලය ධනය රැක ගැනිමට අනෙකුත් මනුෂයන් සහා සියලු සත්වයන් යටත් කර ගැනිමට  විනාශ කිරිමට උත්සහා ගනි.
  5. අයුක්තිය අසාධාරය පෙරටු කරගෙන ඉදිරියට ගමන් කරයි.
  6. සොබාදහම මිනිසාගේ අවශ්‍යතාව පරිදි වෙනස් කිරිමට උත්සහා ගනි.
  7. ඉහත සුළුතරය යක්‍ෂයන් යැයි සිතා ඔවුන් විනාශ කිරිමට උපක්ක්‍රම භාවිතා කරමින් විනාශ කිරිමට උත්සහා ගනි.

Monday, October 15, 2012

ප්‍රවීන මාධ්‍යයවේදි සුනිල් මාධව ප්‍රේමතිලක
සිළුමිණ​ 2009 Nov 15

Friday, October 12, 2012

වස කෑම සහා වඳ වීම​.

අද වර්ථමාන කෘෂිකර්මික බෝග වගව සඳහා විශාල කෘෂිරසායන ප්‍රමාණයක් පොළොවට එකතු කර යි. මෙහි ප්‍රථිපලයක් විදිහට ලෙඩ රෝග වලට ගොදුරු වී ඇත​.දියවැඩියාව ,පිලිකා,වකුගඩු අක්‍රිය වීම,හෘද රෝග ස්නායු දුර්වල වීම​,ග්‍රැස්ට්‍රයිටීස්,ඇස්පෙනීම දුර්වල වීම​,ලිංගික බෙලහීනතා,මල දරු උපත් ආදී වශයෙනි.එමෙන්ම එයට සමගාමීව පරිසරය හා ගහ කොළ ඇල දොල​.මෙයට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් පවතී සහ අපට අහිමි වෙමින් පවති.
රසායනික පොහොර සමාගම් වලට එනම් බහු ජාතික සමාගම් වලට ණය වී ඇති මුදල ගෙවීමට ඉදිරියේ උපදින දරුවන් හට වත් ගෙවා නිමකිරිමට නොහැකි බරපතල තත්වයට මේ රට මුහුන පා සිටි.අප ලෙඩ කරන අප ණය කරන පරිසර විනශ කරන මෙම කෘෂි රසායන කෘමිනාශක වල්නාශක රසායනික පොහොර වලින් අප හැකි ඉක්මනින් ඉවත්විය යුතුයි.මෙම විනාශයෙන් පිටුදැකීමට උත්සහා ගන්නා ඔබට මෙම පිටුව අත්වැලක් වනු ඇතැයි මාගෙ පැතුමයි