Pages

Tuesday, October 30, 2012

සොබාදහම් ගොවිතැන​


                           හැට වන දශකය එනම් 1960 දී පමන ලංකාවේ කෘෂිකර්මය සදහා රසායනික පොහොර වැඩිදියුනු කල බීජ ආදේශ කිරිම ආරම් භ වු අතර ඒහා සමගාමීව (දෙමුහුන් බීජ) ආනයනය කිරිම හා නිෂ්පාදනය කිරිම ඇරඹුනි.
මෙහි අනිටු ප්‍රථිපලයක් ලෙස නොයෙකුත් කෘෂි රසායනික වර්ග වන කෘමි නාශක වල්පැලැටි නාශක,දිලීර නාශක ඇතුළු අහිත කර කෘෂි රාසායනික වර්ග මෙ රටට අපනයනය කරණු ලැබේ.ශ්‍රි ලංකාවේ වසර දහස් ගනනක සිට පැවති ස්වයංපොෂිත කෘෂිකර්මයේ විනාශය මෙමගින් ආරම් භ විය.
                        එය ක්‍රමයෙන් වානිජ කෘෂිකර්මය බවට පත්වු අතර අප රටට ආවේනික දෙශිය වී ඇතුළු ධාන්‍ය වර්ග සහ දේශිය එලවළු වර්ග වද වීමට හා වඳ කිරිමට කටයුතු කරනු ලැබුනේ එම කාර්‍ය සාර්ථකව ඉටු කරමින්‍ ය.මෙ මගින් හරිත විප්ලවය යන ලේබලයන් යටතේ වැඩි දියුනු කල බීජ හා යෙදම් කට්ටල ලෙස රසායනික පොහොර වල් නාශක,කෘමිනාශක වාරි ජල සම්පාදනය සහ යන්ත්‍ර සූත්‍ර ගොවියා හට හුරු පුරුදු කරනු ලැබීය.
                      අවසාන ප්‍රතිඵලය වන්නේ අපට ආවේනික බීජ සහ අපගේ කෘෂිකර්මය පිළිබද ඇතිවසර දහස් ගනනක සිට පැවත ආ අපට ආවේනික වූත් විද්‍යාවට වඩා ගවූගානක් ඉදිරියේ තිබු දෙශිය ඥානය ඉවත දැමීමයි.




හිරු දෙවියන්ගේ නැයෝ
 සදු දෙවියන්ගේ නැයෝ
 ආදි අපේ මුතුන් මිත්තෝ
 ඉරෙන් හදෙන් වැඩගත්තෝ

                   
                   අපගේ දෙශිය ඥානය තිබුනේ මෙතනයි.ඔවුන් පැහැදිලිව සුර්‍යයාගේ වර්ණවලිය අවබෝධ කර ගෙන තිබු බවට සුර්‍යාගේ කිරන චන් ද්‍රයා හරහා ගැටි නාභි ගතවී පොළොතලයට ලැබේ.එමගින් මෙ ප්‍රෘථිවියේ ශාක ජිවින් හා සත්ව ජිවීන් සූර් යා ඇතුළු සියළුම ග්‍රහා වස්තූන් ගේ ක්‍රියාකාරකම් වලට යටත් බවත් සියුම්ව අවබෝධ කොට ගෙන තිබූ බව පැහැදිලිය.

No comments:

Post a Comment