(01)කල් යල් බැලීම.(සැබෑ යල කන්නය සහ මහ කන්නය හඳුනා ගැනීම)
යල - ශ්‍රි ලංකාවට කෙලින්ම සුර්‍යයා මුදුන්වන මාර්තු/අප්‍රේල්
මහ - ශ්‍රි ලංකාවට කලින්ම සුර්‍යයා මුදුන්වන අගෝස්තු/සැප්තැම් බර්/ඔක්තෝ බර් යන මාස
(02)අවම බිම් සකස් කිරිම.
ඝර්ම කලාපීය රටක්වන ශ්‍රි ලංකාවේ ක්‍ෂුද්‍ර ජීවින් සහිත සතුන් බහුල වූ පොහොර තට්ටුව සෑදෙන්නේ පොළොව මතුපිට බවින් ගැඹුරට හාරා පොහොර රහිත පස තුල සිටවීම සුදුසු නැත.කන්නයට ප්‍රධාන වැසි දෙක බැගින් වසරකට ප්‍රධාන වැසි හතර වතාවක් ලැබෙන බැවින් පස සෝදායැම වලකවා ගැනීම. පෘථිවියේ වැඩිම ගුරුත්වාකර්‍ෂණය ඇති ප්‍රදේශය තුළ පිහිටි ශි ලංකාව වැනි රටවල බිම් සකස් කිරීමේදි පොහොර සහිත පස ගිලා බැසීමට (ලුහුටා යැමට) ඉඩදීම බලවත් වරදකි.උඩින් මුල් යැවීමට ජානමය වශයෙන් වෙනස් වී ඇති ශාකවලට ඉතා සුළු බුරුල් කිරිමක් සැහේ.
(03)දෙශීය බීජ පමණක් පාවිච්චියට ගැනීම
ඕනෑම රටක බීජ එම රටේ දේශගුණයට කාලගුණයට ,කෘමිසතුන්ට ,පසට ගැලපෙන පරිදි පරිණාමය වී ඇත. "ස්වජාත බීජ" බීජ ලෙස හදුන්වන මෙම බිජ ප්‍රයෝජනයට ගැනීමෙන් රසායනික පොහොර කෘමිනාශක ,වල්නාශක යෙදීම සම්පුර්ණයෙන්ම ඉවත් කල හැකි ය.
(04) පුද පූජා පැවැත්වීම
සියලුම ශාකවලට මිනිසුන් ගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට හැකි බව "ස්‍ර් ජගදීස් චන් ඳ්‍රබෝස්" නම් විද්‍යාඥයා විසින් විද්‍යානුකූලව ඔප්පු කර ඇත.. එම නිසා ධාර්මික යහපත් සිතිවිලි ඇති මිනිසකු සතු ශක්තිය (අත් ගුණය ඇති මිනිසෙකු) වගාවට යොදා ගැනීම උපක්‍රමයක් ලෙස ද සිත එක තැනකට ගොනු කිරීමේ ක්‍රමයක් ලෙස දෙවියන්ට භාර හාර කිරිම මෙයින් හැදින්වේ. සර් ජගදීස් චන් ද්‍රබෝස් මහතාට කලින් දේශීය ගොවියා මෙය වටහාගෙන ක්‍රියාත්මක කර ඇත.
(05)නැකැත් බැලීම.
හිරු ප්‍රධාන කොටගත් ග්‍රහලෝක නවය හා ග්‍රාහක වළල්ල ශාකවල මුල් ඇදීම .කොළ ලියලීම,පුරුක් ඇදීම ,අතු බෙදීම, මල් පිපීම,ගෙඩි සැදීම කෙරෙහි ප්‍රබල ලෙසම බලපායි.හිරු(රවි ග්‍රහයා) ලංකාව මත සිටින විට බීජවල මුල් ඇදෙන අතර ලංකාවෙන් උපරිම ඈතට ගියවිට කටක රාශියේදී( කර්කටක නිවර්තනය )සිටින විට මල් පිපේ.මෙය සියුම්ව තේරුම් ගත් පැරණි ගොවියෝ සූක්‍ෂම විද්‍යාවක් ලෙසට ප්‍රයෝජනයට ගෙන ඇත. සොබාදහම් ගිවිතැනේදී මෙම පංචශීලය ආරක්‍ෂා කර ගැනීමන් නීරෝගී,සාමකාමී ජනතාවක් බිහිකල හැකිය.
-පරිසරවේදී තිලක් කන් දේගම යන් ගේ දේශනයක් ඇසුරෙන්-